දතුණු පළාතේ, ගාල්ල දිස්ත්‍රික්කයේ, යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, මාගෙදර නම් වූ දුන්දර ගම් පියසෙහි පිහිටි අප විදුහල මෙයට වසර 120කට ප්‍රථම මාගෙදර ග්‍රාමයෙහි එවකට කොස්තාපල් ආරච්චි ලෙස ක්‍රියා කළා වූ ජේ.ඩී. දහනායක මැතිදුන්ගේ මූලිකත්වයෙන්, එස්.ඒ.ඩී. කොඩිතුවක්කු මුල්ගුරුතුමා යටතේ සුළු ළමා පිරිසකින් ආරම්භ කොට කරන ලද බව ඉතිහාසයේ කියවේ.
යක්කලමුල්ල නගරයේ සිට අකුරැස්ස නගරය වෙත දිවයන මාර්ගයෙහි කිලෝමීටර් 4ක් පමණ පැමිණි විට හමුවන අප විදුහල් මෑණියගේ නිවස්නය ගමට පිවිසීමට පෙරඅතුව ඇති ප්‍රාකාරයක් සේ දිස්වෙන සුන්දර කඳුගැටයක පිහිටා ඇත. එය අනෙක් පසින් ගම් දනව්ව දෙබෑකර ගලා බසිනා දිය ඇලි දෙකක් එක් වූ දෙමෝදරකි. දෙමෝදර සිට බලන විට දෙමෝදර ඉස්මත්තේ ඇති පාසල් භූමි ළමයින් ඉතා සුළු පිරිසකින් ආරම්භ වූ මෙම විදුහල අවුරුදු තුනක දී ළමයින් 70ක් බවටත්, එය ක්‍රමයෙන් 1750ක් බවටත් පත්වී ඇති අධ්‍යාපනයේ අපූරු තෝතැන්නති.1970 දශකයේ උසස් පෙළ කළා අංශය අධ්‍යාපන පහසුකම් අතින් වැඩිවියට පත්ව කෙටි කාලයකින් සරසවි වරම් හිමි දරු පිරිසක් දැයට දායාද කරන්නට සමත්විය.
1980 දශකයේ වාණිජ අංශයද ආරම්භ කරන ලදී.
මේ වන විට විද්‍යා අංශ ද, තාක්ෂණ අංශය ද ආරම්භ වී ඇති අතර සෑම වසරකම විශාල දරුපිරිසක් සරසවි වරම් ලබමින් විදුහල් මෑණියන්ට කීර්තියක් අත්කර දෙයි.
1970 දශකය විද්‍යාලයේ ස්වර්ණමය යුගය ලෙස සැලකිය හැකි අතර විද්‍යාලයට විශාල දරු පිරිසක් මෙම කාලයේ දී එකතු වෙම්න් සිටි අතර දිවංගත ගරු නියෝජ්‍ය මුදල් අමාත්‍ය නීල් ද අල්විස් මැතිඳුන් සහිපත් කළ යුතුය. මන් ද යත් එතුමාගේ ප්‍රධානත්වයෙන් පාසලේ ගුරු මණ්ඩලය මෙන්ම පාසලේ ගොඩනැගිලි ද ලබා දෙමින් පාසලේ දියුණුවට කටයුතු කරන ලදී.
|
ආරම්භ කළ වර්ෂය |
1904 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
03 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
05 |
|
මුල් ගුරුතුමාගේ නම |
එස්.ඒ.ඩී. කොඩිතුවක්කු මුල්ගුරුතුමා |
|
පාසලේ ආදි කතෘගේ නම |
ජේ.ඩී. දහනායක මැතිදුන් |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
මාගෙදර මහා විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
සුමිත් ජී සමරවික්‍රම මහතා |
|
පාසල රජයට පවරාගත් දිනය |
|
|
පාසල පැවැත්වූ ස්ථානය |
දැනට පාසල් භූමිය පිහිටි බිමෙහි කුඩා ගොඩනැගිල්ලක |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
|
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
|
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
|
{QF3=5}