මෙම ඡායා රූපය අප විදුහලට සම්බන්ධ පැරණිතම ඡායාරූපය වේ. මෙය 1931 දී පමණ අප විදුහලේ ආරම්භක මුල් ගුරුතුමා වූ එස්.ඒ.ඩී. කොඩිතුවක්කු මහතා විද්‍යාලයෙන් විශ්‍රාම යාමට වසර කිහිපයකට පෙර කොළඹ ප්‍රදේශයේ සංචාරයට ගිය අවස්ථාවක දී මරදානේ ඡායාරූප ශාලාවක දී ගන්නා ලද්දකි. එවකට විදුහලේ ආචාර්යය මණ්ඩලය ලෙස කටයුතු කළ කොඩිතුවක්කු මහාතා ගේ බිරිඳ දෝන ජිල්බෝනා ඩයස් සමරවික්‍රම යාපා මහත්මිය ද දකුණුපස පුටුවෙහි හිඳගෙන සිටියි. වම්පස පුටුවෙහි හිඳගෙන සිටින්නේ මුල්ගුරුතුමාය. පිටුපස මැද සිටගෙන සිටින ජූලියස් සිල්වා මහතා එවකට විද්‍යාලයේ උපගුරුවරයෙකි. ජූලියස් මහතාට දකුණු පසින් සිටගෙන සිටින්නේ එවකට අනෙක් උපගුරු වශයෙන් සේවය කළ ඒ. මද්දුමගේ මහතාය පින්තූරයේ සිටින සෙසු කුඩා අය කොඩ්තුවක්කු මහතාගේ සහ එම මැතිණියගේ පුතුන් තිදෙනා සහ දියණියන් තිදෙනා වේ.