පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.
පිරිමි ළමුන් (1-9)
- කොන්ඩය කොටට කපා පැත්තට පීරිය යුතුය. (පැත්තේ කොටස කොණ්ඩය දිග අඟල් 1/2)
- හිස මුදුන කොටස කොණ්ඩය දිග අඟල් 2කි. හිස පැත්තේ කොටස හා මුදුන කොටස වෙන් වෙන් වශයෙන් පෙනෙන සේ නොතිබිය යුතුය.
- පාසල් ලාංඡනය සාක්කුවේ දකුණු හා ඉහළ කෙළවර සම්බන්ධ කර මසා තිබිය යුතුය.
- අතෙහි කෙළවර වාටියේ සිට වැලමිට දක්වා අඟල් 4කි.
- බඳ පටිය කොටස අවසන් සීමාව සිපරය සීමාව සිට අඟල් 2 1/2 ක් දුරින් විය යුතුය.
- කලිසමේ යට වාටියේ සීමාව හා දණහිස අතර දුර අඟල් 2කි.
- කළු මේස් හා කළු සපත්තු පැළඳිය යුතුය.
නිල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සපුරා තහනම් වේ.

පිරිමි ළමුන් (10-13)
- කොන්ඩය කොටට කපා පැත්තට පීරිය යුතුය. (පැත්තේ කොටස කොණ්ඩය දිග අඟල් 1/2)
- හිස මුදුන කොටස කොණ්ඩය දිග අඟල් 2කි. හිස පැත්තේ කොටස හා මුදුන කොටස වෙන් වෙන් වශයෙන් පෙනෙන සේ නොතිබිය යුතුය.
- පාසල් ලාංඡනය සාක්කුවේ දකුණු හා ඉහළ කෙළවර සම්බන්ධ කර මසා තිබිය යුතුය.
- පාසල් ලාංඡනය කමිසයේ වම් පස සාක්කුවේ කෙලවර පැලදිය යුතුය.
- කලු පැහැති ඉන පටිය පැළදිය යුතුය.
- සපත්තු වර්ණය කළු පැහැති විය යුතු අතර, විවිධ මෝස්තර සහිත පාවාහන් පැලදීම නොකල යුතුය.
- කමිසය වැලමිටට අගල් 4කට වඩා අඩු නොවිය යුතුය.
- කලිසමේ පසුපස සාක්කුව දකුණු පසින් තිබිය යුතුය.
- කලිසමේ පහළ කෙළවර පාවහන් මට්ටමෙන් තිබිය යුතු අතර ඉහළ ඉස්සෙන ආකාරයෙන් පැලදීම නොකල යුතුය.
- කලිසමේ පහළ කෙළවරවල් සමාන්තර විය යුතුය.
නිල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සපුරා තහනම් වේ.

ගැහැණු ළමුන් (6-13)
- ගවුමේ අත : වැලමිට සිට අගල් 2 1/2 ක් ඉහලින් තිබිය යුතු අතර අතෙහි වට ප්‍රමානයට වඩා අගල් 2 ඉඩ තිබිය යුතුය.
- ගවුමේ ඉඩ : ඉනෙන් පහලට නොවිය යුතුය.
- ගවුමේ දිග : දනහිස වැහෙනසේ තිබිය යුතුය.
- රැලිවල පළල : අගල් 1 1/2 ක් පමනි.
- ඉන පටියේ පළල : අගල් 1 1/2 ක් පමනි.
- ගවුම් කර : බෙල්ලේ සිට ගවුම් කර අගලක් පමන පහලට වනසේ තිබිය යුතුය.
- උරහිස : උරෙන් ඉහලට හෝ පහලට නොවනසේ අත් මැසිය යුතුය අතර ගවුම ඇගට හිරනොවන සේ තිබිය යුතුය.
- මේස් : පාසලින් නිකුත් කරනු ලබන විය යුතුය.
- සපත්තු : සුදු පැහැති ලේස් සහිත සපත්තු විය යුතුය.