පාසල් ගීතය
සිරිලක සුපතල මාගෙදර මහ
විදුහල් මාතා නිති සැරදේ
සැරදේ ඔරදේ දින දින ලකඔර
කිතු ගොස ජය දද දසත නගා
ඔබ සේවණේ වැඩෙනා දරුවෝ
රට දැය නැගුමේ සුරු දරුවෝ
පාසල් මැණියනි ඔබගේ
සුවය අපේ මතු සැපය ගෙනේ
මතු දවසේ ඔබගේ ගුණේ
ලක් දෙරණේ පතුරවමු
සිරිලක සුපතල .......//
රට රැකුමේ දැය රැකුමේ
බස රැකුමේ සුරු දරුවෝ
බිහි කරනා අප මැණි
ගුණ ගීතා ගයමු අපි
සිරි ලක සුපතළ .........//